ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වශයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවට උසස්ම තත්වයේ නවෝත්පාදන සහ තාක්ෂණික පහසුකම් හඳුන්වාදීමට කටයුතු කර ඇත. දිනෙන් දිනම ලොවපුරා තිරසර නවෝත්පාදනයන් බිහිවන පසුබිමක, රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් නැගී එන වෙළඳපොළ ආශ්‍රිත කර්මාන්ත ඊළඟ කාර්මික විප්ලවයට සූදානම් කිරීමේ අරමුණෙන් Dialog Innovation Foundry බිහිවූයේය.
Dialog Innovation Foundry කාර්යමණ්ඩලය නිරතුරුවම කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, අනාගත තාක්ෂණික යෙදුම්වල පිළිබිඹුවක් වන නවෝත්පාදන සංකල්පවලට සහ අවම විශේෂාංගවලින් යුත් මෙවලම් නිදසුන් සොයමින් කටයුතු කරයි. මේ හරහා නවතම තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතරවාරයේ කාර්යක්ෂමව ඉතා වේගයෙන් වෙනස්වන පරිසරයකට හැඩගැසීමේ අවස්ථාව නවෝත්පාදන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයට හිමිවේ.